බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති හිනිදුම සුනිල් සෙනෙවි පරිවාර සෙනඟක් සමග යන අතරේ ඔහුට හිරු එලියෙන් ආරක්‍ෂා කිරීමටද වෙනම පුද්ගලයකු කුඩයක් කුඩයක් අල්ලාගෙන සිටින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.
මෙවැනි කටයුතු විපක්ෂයේ සිටියදී තරයේ ප්‍රතික්ෂේප කර සිටි ජාතික ජනබලවේගය පක්ෂය , ආණ්ඩු බලය ලැබීමෙන් පසුව ඒ කියූ කතා වචන පමණක් බවට ඉතිරිකර ,ක්‍රියාවෙන් තමන් කවුද යන්න ඔප්පුකොට ඇති බවට සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල වෙමින් තිබේ.
ශිෂ්ට සමාජයක් ගැන බලය නොමැතිව සිටියදී කෙස් පැලෙන තර්ක සහ මතවාද ඉදිරිපත් කළ උදවියගේ සැබෑ ස්වරූපය එළියට එන්න බලය ලැබිය යුතු බවද ඇතමුන්ගේ අදහස වී තිබේ.
එසේම ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ ජනාධිපති අනුර දිසානායක පවා මෙතරම් පරිවාර සෙනඟක් නඩත්තු නොකරන අතර සිය ආරක්‍ෂකයන්ටද කුඩය අල්ලා ඇති බවයි.
0 Comments