සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
“අපි බලයට ගෙනත් තියෙන්නේ සම්පූර්ණයෙන් බොරුවෙන් මේ රටේ ජනතාව අන්දවපු, සමාජ වෛරයෙන් සිය පාක්ෂිකයන්ගේ මනස වෛරයෙන් පුරවපු පක්ෂයක්” යැයි කැකිරාවේ සුදස්සන හිමි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
මෙම සටහන තබමින් උන්වහන්සේ සඳහන් කරන්නේ ජවිපෙ පාක්ෂිකයන්ගේ වෛරී දේශපාලනය හේතුවෙන් ජවිපෙ දේශපාලනය වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බවයි.
තමා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගියේ අධ්‍යාපනික කාරණාවක් සම්බන්ධයෙන් බවත්, ජවිපෙ පාක්ෂිකයන් ඒ පිළිබඳව වෛරී ඇසකින් බලන බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ.
“ජවිපෙ අය අමනුෂ්‍යයන් වුණාට මට අමනුෂ්‍යයෙක් වෙන්න බෑ” යැයි ද උන්වහන්සේ එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජවිපෙ විනාශ වන්නේ මෙම වෛරී දේශපාලනය නිසා බව පවසන උන්වහන්සේ, “ඓතිහාසික විශාල වරදක් මම කරා. දැන් එහි පාපයේ විපාක මම විදිමි” යනුවෙන් සටහන අවසන් කර ඇත.
කැකිරාවේ සුදස්සන හිමි තැබූ සම්පුර්ණ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි .
0 Comments