සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව අද (26) පැවති නඩුකරය අවස්ථාවේ දෙපාර්ශ්වයේ නීතිඥයන් අතර උනුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
මෙහිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විමසා ඇත්තේ සැකකරුට ඇප ඉල්ලා ඔහුගේ නීතිඥවරයන් පසුගිය අවස්ථාවේ ඉදිරිපත් කළ කරුණු වලට අමතර අලුත් දෙයක් අද ඉදිරිපත් කරේද කියායි.
එසේම සැකකාර පාර්ශ්වයේ නීතිඥයන් දැක්වූ සැකකරුගේ වෛද්‍ය වාර්තා අනුව ඔහු රාජ්‍යසේවයට පවා නොසුදුසු බවද දිලීප පීරිස් පෙන්වාදී ඇත.
මේ ආකාරයට දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විවාදය සිදුකරන අවස්ථාවේ , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාර්ශ්වයේ නීතීඥවරයකු පෙන්වාදී ඇත්තේ, මේ සිදුවන්නේ දේශපාලන පළිගැනීමක් බවයි. එසේම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි චෝදනා එල්ල කර ඇති බව මෙන්ම එවැනි පසුබිමක රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටියදී තම සේවාදායකයා ගේ දැඩි අසාද්‍ය තත්ත්වයකට හෝ ජීවිතය අහිමි වුවහොත් එහි වගකීම ගන්නේ කවුද කියාද ප්‍රශ්න කර තිබේ.
එසේම රජයේ නීතිඥවරයා පිට ප්‍රදේශ වලදී විනිසුරුවරුන්ගෙන් තීන්දු ගන්න භාවිතා කරන උපක්‍රම කොළඹදී තීන්දු ගත නොහැකි බවද සඳහන් කෙරී ඇති අතර එහිදී එම නීතිඥවරයා සහ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අතර උනුසුම් වචන හුවමාරුවක් සිදුවූ බවද වාර්තා වෙයි.
එසේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර කටයුතු කරන ආකාරයට සම්බන්ධවද නීතඥවරුන් වෙතින් නිර්දය විවේචනයක් එල්ලව ඇති බවද වාර්තා වෙයි.
0 Comments