කොහෙන්ද මෙච්චර හයියක්..? වාචාල සුදා ආණ්ඩුවේ චරිතේ මත පහරයි.. ජනාධිපති අනුරටත් කැලැලක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හෙට (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත්, හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් බලපෑම් කරමින් සිටින බවටත් චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (21) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.

මන්ත‍්‍රීවරයා සඳහන් කළේ, සුදත්ත තිලකසිරි (සුදා) යූටියුබ් නාලිකාවක් ඔස්සේ “අනිවාර්යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාව අත්අඩංගුවට ගන්නවා, නැත්නම් මම මේ යූටියුබ් චැනල් එක කරන එක නවත්වනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇති බවයි. මෙය නීතියේ ආධිපත්‍යයට සහ මහේස්ත්‍රාත්වරුන්ට කරන බලපෑමක් බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ජනාධිපති අනුර දිසානායක ගේ ප්‍රතිපත්තියේ සඳහන් වූ “නීතියේ ආධිපත්‍ය රකිනවා” යන ප්‍රකාශය ප්‍රශ්න කරමින් දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා කියා සිටියේ, “හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගැනීමට යූටියුබ්කරුවකුට බලපෑම් කළ හැකි නම් නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?” යනුවෙනි.

තවද, මන්ත්‍රීවරයා කියා සිටියේ නඩු විභාගවලට මැදිහත් වීම සඳහා මහේස්ත්‍රාත්වරුන් මාරු කිරීම විශාල අර්බුදයක් බවයි. නිදසුනක් ලෙස රවී සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් නඩු කටයුතු සිදු වූ අවස්ථාවේදී, චෝදනා පත්‍ර සංශෝධනය කිරීම ප්‍රතික්ෂේපකළ සහ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රශ්න කිරීමට නියෝග කළ විට මහේස්ත්‍රාත්වරුන් මාරු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සැබෑ ලෙසම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන්නේ නම්, ඒ ගැන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැයක් කතා කළද එයින් පලක් නොවන බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Post a Comment

0 Comments