සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර, “තමා කටයුතු කළේ රට වෙනුවෙන් මිස පුද්ගලික කාරණා සඳහා නොවන බවට” ප්‍රකාශයක් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කළේය.
ඊට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ:
“මම හැම වෙලාවෙම රට වෙනුවෙන් වැඩ කළේ. පුද්ගලික කාරණා වලට වැඩ කරලා නැහැ. අද පෙනෙන්නේ.. මේ පාලනයේ දැන් තමයි සත්‍ය මුහුණ එන්නේ. මේ හැම තැනම සිදුවෙන දේශපාලන වශයෙන් කරන කටයුතු.. මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ.”
මෙම ප්‍රකාශය මගින්, අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු දේශපාලන පළිගැනීම් බවට වික්‍රමසිංහ මහතා චෝදනා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
0 Comments