පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ටම එක දිනක බඩ එළිය යෑමේ අවධානමක් – කථානායක හෙළි කරයි.


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පාර්ලිමේන්තුවේ විශේෂ පනතක් තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත වීමට තිබෙන දිනයක 225 ට බඩ එළිය යන්න පටන් ගත්තොත් එය බරපතල ප්‍රශ්නයක් වන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ මුල්තැන් ගෙය පරීක්ෂා කිරීමෙන් අනතුරුව රට හමුවේ කරුණු අනාවරණය කරමින් පැවසීය.

වසර හතළිහකට පසු පාර්ලිමේන්තුවේ මුල්තැන්ගය මහජන පරීක්ෂකවරු පැමිණ ඒ පිළිබඳව තමන්ට වාර්තාවක් ලබා දුන් බවත් එදා සිට සලාද වැනි ආහාර ගැනීම පවා නතර කළ දැමූ බවත් කතා නායකවරයා අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මුල් තැන් ගෙය තුළ කැරපොත්තෝ.හිමීයෝ .ගිය පාරවල් තිබෙන බවත් බිම කැඩිලා, පුස් හැදිලා, උයන භාජන, ඇඹරිලා, නැමිලා, දෙකට නැමිලා දාර අස්සේ කළු පාට තියෙන වී අපිරිසිදු තත්වයට පත්ව ඇති බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය.

පොළොන්නරුව නගරයේ සහ ඒ අවට ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කිරීමේ සහ ඇගයීමේ උත්සවයක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ මුල් තැන්හි ඇති මෙම තත්වය ළඟදීම මාධ්‍ය වෙත ලබා දෙන බවයි.

පාර්ලිමේන්තුව හදලා අවුරුදු හතළිහක් ගත වුවත් ඒ කාලය තුළ කිසිම මහජන පරීක්ෂකවරයෙකුට, කිසිම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙනෙකුට පාර්ලිමේන්තුව අභන්තරයට පැමිණ ආහාරය මුල් තැන් ගේ හෝ එහි පිසිනන ආහාර පරීක්ෂා කරන්න අවස්ථාව නොදී එය වෙනම රාජ්‍යයක් බවට පත්කරගෙන ඇති බවත් කථානායකවරයා අනාවරණය කළේය.

තමාගේ මැදිහත්වීම යටතේ පසුගියදා බත්තරමුල්ලේ සෞඛ්‍ය නිලධාරී. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත්, පාර්ලිමේන්තු සංකීර්ණයට පරීක්ෂා වට ලක් කිරීම අවස්ථාව සලසා දුන් බවත් ඒ අනුව ලබාගත් වාර්තාව පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු සලාද වැනි ආහාර ගැනීම පවා තමන් නවතා දැමූ බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments