සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
සුජිත් හේවාජුලිගේ
ප්‍රසිද්ධ පාතාලකරුවන් සමඟ ගනුදෙනු පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමතිවරුන් දේශපාලනඥයන් ඇතුළු විවිධ ප්‍රභූ පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඡායාරූප ද සමඟ තොරතුරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පාතාලකරුවන් සමඟ පැවැත් වූ ගනුදෙනු සම්බන්ධයෙන්විවිධ දේශපාලඥයන්ට චෝදනා එල්ල කිරීම හේතුවෙන් දේශපාලන පිටියේ මේ දිනවල උණුසුම් තත්ත්වයක් මතුව ඇත.
පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අද විවිධ කරුණු දැක්වීම් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී. මේ හේතුවෙන් අද මැති සබය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මේ අතර පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාලකරුවන් සම්බන්ධ පැවැත්වෙන විමර්ශන සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය විවිධ හෙළි කරන තොරතුරුවලින් එම පරීක්ෂණවලට බාධා මතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මෙම පාතාලකරුවන් ඇතැම් දේශපාලඥයන් සමඟ පැවැත්වූ මුල් සබඳතා පිළිබඳව තොරතුරු ගණනාවක් දැනට අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහෙත් පරීක්ෂණ අවසන් වන තුරු ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර හෙළිදරව් කළ නොහැකි බවද හෙතෙම පැවසීය.
– Lankadeepa
0 Comments