උක් ගොවිතැන නසන හැටි ගැන පුනරුදේ මැටි කුඹලා ප්‍රසිද්ධියේම උපදෙස් දෙයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

උක් වගාව මෙරටට වැඩක් නැති බවත් ඊට වඩා මුදල් සෙවිය හැකි මාර්ග ඇති බවත් මාස්ටර් කුඹලා නොහොත් අජිත් පෙරේරා අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

කෙසේවෙතත් උක් වගාව වැඩක් නෑ කියා ගලවන්න ගියහොත් “මුං මරාගන්න එනවා ශුවර් එකටම, මුං දන්න එකම වැඩේනේ උක් වැඩේ, ඒ නිසානේ ඒක මත්තේ නැහෙන්න හදන්නේ “ යනුවෙන්ද ඔහු පැවසීය.

එබැවින් මාධ්‍ය හමු පවත්වා මේවා ගැන නොපැවසිය යුතුව ඇති බවත්, එය කරන අය දැනසිටීම ප්‍රමාණවත් බව පැවසූ ඔහු “ලෙඩා මැරෙන්න ඕන මොනවද වුණේ කියලා දැනෙන්නේ නැතුව” බව යැයිද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව යටතේ කොට කලිසම හැඳ ජනාධිපති කාර්‍යාලයේ සාකච්ජා කිරීමට පවා යාමට අවස්ථාව ඇති මෙකී කෝටිපති ව්‍යාපරිකයා මෙසේ උපදෙස් දෙනු ලබන්නේ උක් ගොවියා සහ එම ගොවිතැන අවසන් කිරීමට බවත් එය ගොවි පුතෙකු ජනාධිපති වූ ආණ්ඩුවක් යටතේ, එම ආණ්ඩුවේ නව ප්‍රභූ වරයෙකු වෙතින් අසන්නට ලැබීම දෛවයේ සරදමක් බව ඇතුළු විවිධ ප්‍රතිචාර සමාජ මාධ්‍ය තුළ දැක්වෙමින් තිබේ.

Post a Comment

0 Comments