සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
තංගල්ල පොලීසිය විසින් නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක සිදුකල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයාගෙන ඇත.
ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත, තංගල්ල පොලීසියේ නිලධාරීන් විසින් නෙටොල්පිටිය, වැලිවැන්න හරස් මාවතට යාබද ඉඩමකදී මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී, සුදු පැහැති රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට හැකිවූ අතර, ඒවා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැක පළකරන බව පොලීසිය සඳහන් කරයි.
මීට පෙර, ඊයේ දිනයේදී මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමකින් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවලට මෙම ද්‍රව්‍ය බෙහෙවින් සමාන බව වාර්තා වේ.
0 Comments