සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මෑත කාලීන නායයෑම් සහ ගංවතුර ආපදා හේතුවෙන් මෙරට කුඹුරු හෙක්ටයාර තිස්එක් ලක්ෂයක (3,100,000) පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවට දළ වශයෙන් ගණන් බලා ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, එළවළු ඇතුළු අනෙකුත් බෝග වගා විනාශ වූ ගොවිබිම් ප්‍රමාණය පිළිබඳ ගණන් බැලීම් තවමත් සිදු කරගෙන යන බවයි.
ආපදාවෙන් විනාශයට පත් වූ ගොවි බිම් නැවත යථා තත්ත්වයට පත් කර, යළි වගා කිරීම සඳහා ගොවීන්ව දිරිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
හානි වූ සෑම ගොවි බිමකටම සාධාරණ වන්දියක් ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඇමති නාමල් කරුණාරත්න කියා සිටියේය.
කෙසේවෙතත් නියෝජ්‍ය ඇමතිවරයාට ලැබී ඇති දත්ත නිවැරදි නොවන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙයි. ඔවුන් අවධාරණය කර සිටින්නේ නියෝජ්‍ය ඇමති කියන දත්ත නිවැරදි නම් ලංකාවෙන් අඩක් කුඹුරු තිබිය යුතු බවයි.

0 Comments