සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
සුළි කුණාටු විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සිදු කෙරෙන කටයුතු වෙනුවෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට අමාත්‍යවරුන්ගේ නියෝජිතයන් පත්කිරීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වන ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයන්හි හුවමාරු වෙමින් පවතී.
එලෙස හුවමාරු වන ලේඛනයක් අනුව, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සිය ලිපි ශීර්ෂය යටතේ ලිපියක් යොමු කර ඇත.
“දිවයින පුරා සූළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දිවාවි සුළි කුණාටුව නිසා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පැතූම් කර ගැනිම මෙන්ම මහා මහජනතාවගෙන් කරන ආධාර ආපදා සහන සේවා මධ්‍යස්ථාන වල කාර්යයන් පහසු කර ගැනීම මෙන්ම මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා මගේ නියෝජිතයන්ගෙන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තාවකාලිකව සම්බන්ධ කිරීම තීරණය විය.” යනුවෙන් එහි සඳහන් ය.
අමාත්‍යවරයාගේ මෙම ලිපිය මගින් දන්වා ඇත්තේ, ඇමුණුම් ලේඛනය අනුව අදාළ නියෝජිතයන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තාවකාලිකව සම්බන්ධ කරන ලෙසයි. රාජ්‍ය සේවයේ නිලධාරීන්ට අමතරව දේශපාලන නියෝජිතයන් මෙලෙස ආපදා සහන කටයුතු සඳහා පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් පළ වෙමින් තිබේ.

0 Comments