ඒ සම්බන්ධ චෝදනා පත්‍රය මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත.
අමාත්‍යවරයාට එල්ල වී ඇති මෙම චෝදනා වසර ගණනකට පෙර සිදු වූ සිදුවීමකට සම්බන්ධ වන අතර, මෙම වසරේ පෙබරවාරි මාසයේදී පැවති අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් ඒ පිළිබඳව කළ ප්‍රකාශයක් සමඟ එය යළි කරළියට පැමිණියේය.
“මම එදා කිව්වා පාර්ලිමේන්තුවේදි ජාතික ජන බලවේගයේ කැබිනට් අමාත්‍යවරයෙකුට විරුද්ධව වංචා චෝදනා තියෙනවා. එයා ඉන්ටඩික්ට් වුණා. ඊට පස්සෙ එයා ලේබර් ට්‍රිබියුනල් එකටත් ගියා. ඒකෙනුත් වැරදිකරු වුණා කියලා,” මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් සිහිපත් කළේය.
මෙම චෝදනාවට හේතුව වී ඇත්තේ, ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධවය.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි රූපවාහිනී වැඩසටහනකදී පැවසුවේ, “ඕනම මැනේජර් කෙනෙකුට වගකීමක් තියෙනවානේ. වැඩ කරනකොට අතපසුවීම් හරි මිස්ටේක්ස් හරි වෙන්න. මට දුන්න මේකෙ මම කොක්කක් ගහල යවපු එක විතරයි තියෙන්නෙ. සබ්ජෙක්ට් එක කරන කෙනා ඒක බලපු නැති එක හරි උවමනාවෙන් හරි එතන මේවා වුණා. ඒකෙ මට වගකීමක් නැහැ කියන්නේ නෑ,” යනුවෙනි. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, තමන්ට එරෙහිව දේශපාලනික පළිගැනීමක් සිදුවූ බව ය.
කුමාර ජයකොඩි මහතා 2005 වසරේදී අනුර කුමාර දිසානායක , කෘෂිකර්ම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහුගේ ඉල්ලීමක් මත ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකාරවරයා ලෙස පත් විය.
ඔහු 2015 වසර දක්වා එම ධුරයේ සේවය කළ අතර, මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වන්නේ එම කාලයේ සිදුවූ බව කියන මෙම දූෂණ චෝදනාවට අදාළ චෝදනා පත්‍රයයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම් වන බවට වාර්තා පළ වීමත් සමඟ, මෙම සිදුවීම නව රජයේ යහපාලන ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න මතු කරමින් තිබේ.
එහිදී බොහෝ ආණ්ඩු හිතවාදින් අවධාරණය කර තිබෙනුයේ මෙකී චෝදනාව ආණ්ඩුවේ දූෂණය පිටුදැකීමේ ප්‍රතිපත්තියට අදාළ ලිට්මස් පරීක්‍ෂාවකට සමාන බැවින් ඔහු ඉල්ලා අස්වී ආදර්ශයක් ලබාදිය යුතු බවයි.
අදාළ චෝදනා පත්‍රය සංජීව බටුවත්ත මෙසේ සිය ෆේස්බුක් ගිනුමට එක්කර තිබුණි.
0 Comments