“මූ කෑම කනවා එහා කොනේ ගෑනු දෙන්නෙක් එක්ක.. තමුසෙට ජන්දේ දෙන්න එකෙක් එන්නේ නෑ මීට පස්සේ” – ජන්දෙ කාලේ රැවටුනු ව්‍යාපාරිකයෝ චතුරංගගේ රෙදි ගලවයි..


 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් අවධානමට ලක්විය හැකි ණයගැතියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙණ පනත් කෙටුම්පතක් සම්බන්ධව සාකච්ජා කිරීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට ගිය පිරිසක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ වෙත බරපතල චෝදනාවක් එල්ල කළහ.

ඒ තමන්ව පාර්ලිමේන්තු භෝජනාගාරයේදී දැක හඳුනන්නේ නැති ආකාරයට සිටි බව කියමිනි.

එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරමින් අදාළ සාකච්ජාව සඳහා සහභාගී වූ සුසන්ත මහතා චෝදනා කර සිටියේ තමන් චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතිගේ ජයග්‍රහණය වෙනුවෙන් ව්‍යාපාරික ප්‍රජාවේ සහාය ලබාදීම වෙනුවෙන් කොළඹ තරු පංතියේ හෝටලයක 27 වන මහලේ ව්‍යාපාරික හමුවක් පවා සංවිධානය කිරීමට කටයුතු කළ අයෙකු බවයි.

එසේ තිබියදී නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පාර්ලිමේන්තු භෝජනාගාරයේ කෙළවරක කාන්තාවන් දෙදෙනෙකු සමඟ හැඳි ගෑරුප්පු වලින් කෑම කමින් සිටි බවත් තමන් සමඟ වචනයක් හෝ කතා කිරීමට තරම් කෙලෙහි ගුණයක් හෝ ඔහුට නොතිබූ බවත්‍ ය.

මෙම සිදුවීමට තමන් මුහුණදුන්නේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සමඟ පැවති පැය දෙකකට ආසන්න සාකච්ජාවෙන් පසුව දිවා ආහාරය ගැනීම සඳහා  පාර්ලිමේන්තු භෝජනාගාරය වෙත ගිය අවස්ථාවේ බවද ඔහු පැවසීය.

ජන්දය ගැනීම වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පාවිච්චි කර මේ වන විට ඔවුන්ගේ ප්‍රශ්න මඟහැර සිටින චතුරංග අබේසිංහ ට පණ තියෙන තුරා ජන්දයක් නොදෙන බවද එම ව්‍යාපාරිකයා සඵත කර සිටියේ ය.

දරුවන් තනිකර දෙමව්පියන් විදෙස්ගතවීම ගැන කඳුළු සැලූ චතුරංග අබේසිංහ මෙම විෂයට සම්බන්ධ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස මේ වන විට තමන් ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණදී සිටින අවධානම සම්බන්ධව කිසිඳු සොයාබැලීමක් හෝ තම අර්බුදය විසඳීමට මැදිහත්වීමක් සිදුනොකර සිටින බවද සඳහන් කළේය .

චතුරංග අබේසිංහ එම කටයුතු වලින් බැහැරව සිටිනුයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ගේ සංගමයේ තිදෙනෙකු බැන වැදුනු නිසා බව පවසා ඇති බවද සඳහන් කළ ඒ මහතා තුන් දෙනෙකු සමඟ ප්‍රශ්නයක් ඇත්නම් ඔවුන් හැර අනෙක් පිරිසට උපකාර කිරීමට හැකියාවක් නැතිද කියාද ප්‍රශ්න කර සිටියේය.

Post a Comment

0 Comments