ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා යට ඇඳුම් සන්නාමයක් වූ Triumph නිෂ්පාදන මෙරට බෙදාහැරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මෙම තීරණයට හේතුව ලෙස ඉන්දියාවේ පිහිටි Triumph International India සමාගම ගත් ප්‍රතිපත්තිමය තීරණයක් බව අනාවරණය වී ඇත.
දැනට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙහි පවතින Triumph නිෂ්පාදන, මීට වසර කිහිපයකට පෙර ආනයනය කරන ලද පැරණි තොග බව තහවුරු වී තිබේ.
ශ්‍රී ලංකාවේ මෙම සන්නාමය නියෝජනය කළ සමාගම දැනට ක්‍රියාත්මක නොවන අතර, එහි හිටපු සේවකයෙකු මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනුයේ ඉන්දියානු මව් සමාගමේ තීරණයකට අනුව මාස හයකට පමණ පෙර මෙරට ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවූ බවයි.
එම තීරණය හේතුවෙන් සේවය අහිමි වූ සේවකයන්ට වන්දි ගෙවීමක්ද සිදු කර ඇත.
Triumph සමඟ ව්‍යාපාර කටයුතු කළ බොහෝ අලෙවි නියෝජිතවරුන් මේ වන විට වෙනත් කාන්තා යට ඇඳුම් සන්නාම සමඟ කටයුතු කිරීමට පටන් ගෙන ඇති බවද වාර්තා වේ.
මීට අමතරව, පසුගිය පෙබරවාරි මාසයේදී බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවති Triumph තොග අවසන් කිරීමේ අලෙවියකදී ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් මතුවූ බවටද මාධ්‍ය වාර්තා පළ විය. මෙම තත්ත්වය, දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති සන්නාමයක අවසානය සනිටුහන් කර ඇත.
0 Comments