කියන බොරු වලට.. නලින්ද ඇමතිගේ සහ පරිපාලනයේ කටේ කස්තුරි ඔබන්න ඕන.. තැපැල් සේවකයෙක් රෙදි ගැලවෙන්න කියපු දේ..


 විෂය භාර අමාත්‍යවරයා මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහල පරිපාලනය විසින් තැපැල් සේවක වැඩවර්ජනයේ සැබෑ තොරතුරු වසංකරන බව වර්ජනයේ නිරත සේවකයන් පවසයි.

මෙම තැපැල් සේවක වැඩවර්ජනයේ ප්‍රධාන ප්‍රශ්නය ඇඟිලි සලකුණු යන්ත්‍රය නොවන බව පවසන ඔවුන් පෙන්වා දෙන්නේ ඊට වඩා ප්‍රශ්න තමන්ට ඇති බවයි.

ඉල්ලීම් 19 ක් පදනම් කරගෙන දියත්කර ඇති තැපැල් සේවක දීපව්‍යාප්ත වැඩවර්ජනය අද (20) තෙවැනි දිනටත් ක්‍රියාත්මක අතර ඒ සම්බන්ධව මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුහු මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ , තැපැල් කාර්‍යාල ආශ්‍රිතව බෙදාහැරීම් සිදුකරන සේවකයන් වෙනුවෙන් පාපැදි අලුත්වැඩියාව සඳහා දෙනු ලබන්නේ රුපියල් 250ක් පමණක් බවයි. ” රුපියල් 250න් රෝදෙක පැච් එකක් දාගන්න පුළුවන් ද ?” කියා ප්‍රශ්න කරන සේවක පිරිස් නිල ඇඳුම් සඳහා දෙන්නේද රුපියල් 600ක් පමණක් බවත් එයින් කලිසම සහ කමිසය මැසූ විට, තත්ත්වය මෙසේයි පවසමින් , විකට ඇඳුමක් වැන්නකින් සමන්විතව මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කර සිටියේ ය.

එසේම බඳවාගැනීම් ඇතුළු තවත්  ප්‍රශ්න රැසක් වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට ඇති පසුබිමේ බොරු කියන තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහල පරිපාලනයේ සහ ඇමතිගේ මුවේ කස්තුරි තැම්පත් කළ යුතුව තිබූ බව අවධාරණය කර සිටියේ පහත කවිය ද සිහිපත් කරමිනි.

නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
උතුම් මුව නැබෙහි තැබි බඹ නැණ විකල
විනම් මෙමට මහබඹු පදවි යම් කළ
තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල

Post a Comment

0 Comments