නාමල් කරුණරත්න දිනුම්.. වන නිලධාරී චතුර ගුණරත්න කුරුණෑගලට මාරුවක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හේරත්ගම අඩවියේ අඩවි ආරක්ෂකවරයා ලෙස කටයුතු කළ චතුර ගුණරත්න මහතා, අද (27) දින සිට කුරුණෑගල සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ රාජකාරි සඳහා වාර්තා කිරීමට නියමිත බව වාර්තා වේ.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ස්ථානමාරුව තමන් විසින් කළ අභියාචනයකට පිළිතුරු වශයෙන් සිදුව ඇති බවයි.

ඒ මහතා සඳහන් කරන්නේ “මෙම ස්ථානමාරුව මා කිසිලෙසක වත් අපේක්ෂා නොකළ දෙයක්” බවයි. තමා සිය රාජකාරි කටයුතු කරනු ලැබුවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදන ප්‍රකාරව බවත්, එය දෝෂයක් ලෙස කෙනෙක් නිර්වචනය කරන්නේ නම් එය ඔහුගේ දෝෂයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

තවදුරටත් ගැටෙමින් රාජකාරි කිරීමට නොහැකි බව පෙන්වා දෙන චතුර ගුණරත්න , හේරත්ගම අඩවියේ රාජකාරි කටයුතු කරනු ලැබූ වකවානුව තුළදී නිරන්තරයෙන් දේශපාලනික ගැටුම් හටගත් බව සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනින් ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ, අඩවියේ බහුතරයක් තමන් සමඟ සිටියත්, අකමැති ඉතාම සුළුතරය දේශපාලනිකව ශක්තිමත් බවයි.

“මිනිසුන් උද්ඝෝෂණයට ආවේ, නොආවොත් රු.2000.00ක් ඔවුන්ගෙන් දඩයක් ගසන නිසාවෙනි.” යනුවෙන්ද එහි සඳහන් කර ඇත.

කෙසේවෙතත් උද්ගතවූ තත්ත්වය හමුවේ කිසි දිනෙක විරුද්ධවාදීන් හමුවේ වැඳවැටුණේ හෝ ඉල්ලීම් කළේ නැති බව සඳහන් කරන අඩවි ආරක්ෂකවරයා, මේ දක්වා ආ ගමන පිළිබඳව තමාට ඇත්තේ ආඩම්බරයක් බව පවසයි.

“ඔවුන් දිනුවේ යැයි මොහොතකට හෝ ඔවුන් සිතූවද ඔවුන් දිනුවේම නැත. සත්‍ය කොයි මොහොතක හෝ ජයගනු ඇත. එය කාලය විසින් විසඳනු ඇත,” යනුවෙන් සිය සටහන අවසන් කරමින් ඔහු සඳහන් කර ඇත.

තවද, මෙම කාලය තුළ තමාට ශක්තියක් වූ පරිසරවේදීන්, සත්වවේදීන්, යූ ටියුබ් නාලිකා, සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ හිරු ටීවී ඇතුළු සියලු පාර්ශවයන් වෙත ඔහු සිය ගෞරවණීය ස්තුතිය පුද කර ඇත.

පරිසරවේදින් පවසන්නේ මෙම නිලධාරියා සමඟ පසුගිය සමයේ ආතතිගත තත්ත්වයක් ඇති කර ගත්තේ නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න බවයි. මෙම ස්ථාන මාරුවට වෙනත් කිසිඳු හේතුවක් තමන් දැනුවත්ව නොමැති බවද ඔවුන් පවසයි.

Post a Comment

0 Comments