ජනපතිගේ මුං කැවුම් යාළුවා බර අවි ඔසවයි.. ලන්ඩනයේ සිට සුද්ද සිංහලෙන් කියයි...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමීප මිතුරෙකු ලෙස සැලකෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා තවත් ආන්දෝලනාත්මක සටහනක් තම සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.


එහි සටහන්ව ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ රාජකාරී කරන පිරිස සම්බන්ධයෙන් තොරතුරුයි.


තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් ඔහු එමගින් දැඩි විවේචනයක් එල්ල කරයි.


එම අංශයේ වැඩිපුරම ඇතුළු කර සිටින්නේ ජනාධිපතිවරයාට මාමා කියන ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන්ගෙන් දරුවන් බවත් හෙතෙම චෝදනා කරයි.


අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වීමට පෙර එක්සත් ජරාජධානියේ සිදු සංචාරයක නිරත වෙද්දී ශ්‍රී ලංකාවේ සිට මුං කැවුම් පාර්සලයක් රැගෙන ගොස් තිබුණේ උවිඳු කුරැකුලසුරිය මිත්‍රයාට වෙනුවෙනි.


එමෙන්ම මෑතකදී එංගලන්තයේ සංචාරක නිරත වුනු ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද උවිදු කුරුකලසුරිය මහතා මුණගැසීම අමතක කලේ නැත.

Post a Comment

0 Comments